රටේ තරුණ ප්‍රජාව ශක්තිමත් කිරීමේ අරමුණෙන් යොවුන්පුරය වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කළ බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්දික වැලිඅංගේ මහතා 'අද'ට පැවසීය.
යොවුන්පුරයට සහභාගීවීම සඳහා තරුණ තරුණියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලමින් එය දිස්ත්‍රික් මටම්මින් පැවැත්වීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
මෙවර ත්‍රිකුණාමලයේදී පැවැති යොවුන්පුරය වැඩසටහන සඳහා තරුණ තරුණියන් 6000 ක් සම්බන්ධ කරගත්තද ඒසඳහා සහභාගිවීමට තරුණ තරුණියන් 10,000 ක් ඉල්ලුම්පත් යොමුකර තිබු බවද සභාපතිවරයා පැවසීය.
එබැවින් තරුණ තරුණියන් වැඩි පිරිසකට සහභාගීවීමට අවස්ථාව ලබාදෙමින් ලබන වසරේ සිට යොවුන්පුරය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන බව එරන්දික වැලිඅංගේ මහතා ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන තරුණ තරුණියන්ගේ විනය පෞරුෂය නායකත්ව ගුණාංග මෙන්ම අධ්‍යාපනික ගුණාංග වඩා වර්ධනය කිරීමට අවැසි තෝතැන්නක් වූ බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.