අද දිනය පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 334 ක පැවති ජාතික යොවුන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාමකාමී අන්දමින් පැවත්වු බව ජාතික තරුණ සේවා සභාව සහ කැෆේ සංවිධානය පවසයි. මේඅතර ඉහළම ඡන්ද ප්‍රකාශ කිරීම උතුරු පළාතෙන් වාර්තා වූ බව කැෆේ සංවිධානය පැවසීය.
අද(07) පැවති ජාතික යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රාහී අපේක්ෂකයින්ගේ නාම ලේඛණය හෙට පෙරවරු 10.00ට මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව තරුණසේවා සභාව පවසයි.