යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට කැෆේ සංවිධානයේ විශේෂඥ සහාය යොවුන් පාර්ලිමේන්තු සදහා සභිකයින් තෝරාපත් කර ගැනීම සදහා ලබන නොවැම්බර් 7 දින පැවත්වෙන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සහ මැතිවරණයේ පාරදුෂ්‍ය භාවය ආරක්ෂා කිරීම සදහා ජාතික තරුණ සේවා සභාව සහ කැෆේ සංවිධානය අද (2) පස්වරුවේ එකඟතාවකට පැමිණුනි.
නොවැම්බර් 7 වනදා දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කාර්යාල 334කදී යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා අපේක්ෂකයින් 657 දෙනෙක් ඉදිරිපත්ව ඇති අතර ඉන් 160 දෙනෙකු මැතිවරණයෙන් තෝරා ගනු ලැබේ.
තවත් 65 දෙනෙකු විශ්ව විද්‍යාල, විශේෂ අවශ්‍යතා සහිත තරුණයින්, පාසැල් ශිෂ්‍යයින් සහ වෙනත් සිවිල් සංවිධාන නියොජිතයින් අතරින් තෝරා පත්කර ගැනීමට නියමිතය.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා ලියාපදිංචි යෞවන සමාජ සමාජික සාමාජිකාවන් 438400 ක් සුදුසුකම් ලබා සිටිති. කැෆේ සංවිධානය දිස්ත්‍රික් මට්ටමින් මෙම මැතිවරණය නිරීක්ෂණය කිරීමට සිය විශේඥ සහාය ලබා දෙන අතර මැතිවරණ ක්‍රියාවලියේ මුලික කටයුතු සදහා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ පිහිටුවනු ලබන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට පහසුකම් සහ තාක්ෂක සහාය ලබා දෙනු ඇත.