යෙමනයේ ගැටුම් සඳහා මැදිව සිටි ශ්‍රී ලාංකිකයින් 54ක් මේ දක්වා බේරාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එයින් ශ්‍රී ලාංකිකයින් 43ක් චීන නෞකාවක් ආධාරයෙන් ජිබෝල්ටාට ගොස් සිටින බවත්, ඉන්දියාව හා ඉන්දුනීසියාව එක්ව තවත් හය දෙනෙක් බේරාගෙන තිබෙන බවත්, තවත් ශ්‍රී ලාංකිකයින් හය දෙනෙක් ඕමාන් දේශ සීමා හරහා ශාලා්හ් හි පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලට පැමිණ තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ජිබෝල්ටාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 29 දෙනෙක් අද (08දා) දිවයිනට පැමිණෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.