යෙමනයේ යුද ගැටුම්වලට මැදිවී සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන් ශ්රී ලාංකිකයෝ 16 දෙනාද ඊයේ (10දා) රාත්රියේ යළි දිවයිනට පැමිණියහ. පසුගිය 6දා චීන නෞකාව මගින් ශ්රී ලාංකිකයෝ 44 දෙනෙක් මුදවාගනු ලැබුහ.
ඉන් 29 දෙනෙක් පසුගිය 8 දා රාත්රියේ දිවයිනට පැමිණියහ. ඒ අනුව චීන නෞකාව මගින් බේරාගත් සියළු දෙනා මේ වන විට දිවයිනට පැමිණ අවසන්ව ඇත.
මෙම පිරිස යේමනයේ සනා නගරයේ සිට කිලෝමීටර් 222 ක් ගොඩබිමින් හොදෙයිදා වරාය නගරයට පැමිණ එතැන් සිට චීන නාවුක හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ පසුව එතැන් සිට නයිරෝබි නුවර කෙන්යා තානාපතිවරයාගේ සහයෙන් යළි ගුවනින් කටාර් හි දෝහා හරහා දිවයිනට පැමිණියහ.