“අපි එක්සත් ජාතික පක්ෂයට ජැක් ගහන්න ගිය පිරිසක්කියන්න සමහරු උත්සාහ කරනවා. අපි කවුරුවක් යූ.ඇන්.පී. එකට ජැක් ගහන්න ගියේ නෑ. ඔය අපට අවලාද කියන පිරිසක් නම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා තනිකරම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිකරන්න උදවු කරනවා” යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොටදී කීය.
“අපට බනින විවිධ පිරිස් රෑට රෑට සිරිකොතට ගිහින් යෝජනා කරනවා ජාතික ආණ්ඩු ඕනේ නෑ.දැන් ඉන්න ඇමති මණ්ඩලේ විසුරුවලා අපිත් එක්ක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්ම පිහිටුවමු, අපටත් ඇමතිකම් දෙන්න කියනවා. ඔය කියන තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ආදරේ නම් රනිල් වික්‍රමසිංහ ගැන නෙමෙයි, ඔවුන් කතා කරන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන” යනුවෙන්ද ඇමතිවරයා කීය.;
ණුවන් ජයසේකර