එක්සත් ජාතික පක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 94කින් පරාජයට පත්විය.
එයට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 151ක් ලැබුණි. ආණ්ඩුව නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ හා ජාතික හෙළ උරුමය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා එක්ව යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කළේය.