වයස අවුරුදු 75ක මනාලයාත් වයස අවුරුදු 65 ක මනාලියත් ඇතුළු තවත් යුවළ 10ක් පමණ එකවර විවාහ වීමේ අවස්ථාවක් ගල්නෑව නැගම්පහ අලිවංගුව ගමේදී දැකගත හැකිවිණි .
මෙසේ ජිවිතයේ සැදෑ සමයේ නීතියෙන් විවාහ වුයේ දරුවන් පස්දෙනකුගේ මව්පියන් දෙපළක් වූ අලිවංගුව ගමේ පදිංචි ඩී. ජනා (75) සහ එච් .ඒ .සෝමාවතී (65) දෙදෙනා ඇතුළු මේ ගමේ විවාහ නොවී එකට ජීවත්වූ අඹුසැමියන් පිරිසකි .
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම අනුව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල මහතා ගමට පැමිණ ජනතාව හමුවී විස්තර ලබාගනිමින් ගමේ ජනතාව සජීවීකරණය කිරීම ආරම්භ කළේය .
ඇමතිවරයාගේ උපදෙස් පරිදි සියලු දරුවන් පාසල් යැවීමට අවශ්‍ය පියවර ගැනීම ,ගමේ පදිංචි පවුල් 30කට ස්වයං රැකියා වැඩපිළිවෙළක් ආරම්භ කිරීම මෙන්ම විවාහ නොවී එකට සිටින පිරිස් විවාහ කරදීම, හැදුනුම්පත් උප්පැන් න සහතික ආදී අතවශ්‍ය ලියකියවිලි ලබාදීමේ ජංගම සේවා ආදී ය ක්‍රියාත්මක විණ. එමෙන්ම මේ සියලුදෙනාට ස්ථිර නිවාසයක් ලබාදීමට ඇමති සජිත් ප්‍රේමදාස මහතාගෙන් උපදෙස් ලැබුණු බව රංජිත් ශාන්ත කහවල මහතා කීවේය.