වත්මන් යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින්මිමිකා මහතා සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර ද්විපර්ශික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ හමුවක් අමාත්‍යංශයේදී පැවැත්විණ.
ජී.එස්.පී ප්ලස් (GSP+) බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමේ වැදගත්කම සහ අවශ්‍යතාව සහ මත්ස්‍ය අපනයන නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. එසේම මෙරට ඉදිරිසංවර්ධන කටයුතු සඳහා යුරෝපා සංගමයේ දායකත්වය අවශ්‍ය බවත් ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.
ජී.එස්.පී ප්ලස් (GSP+) බදු සහනය ලබාදීම සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වනවිට සුදානම් බවත් ඊට පෙර මත්ස්‍ය අපනයනය සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර දෙන බවත් යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ දිගු කාලීන විශ්වාසනීය සහකරුවකු වීමට තම සංගමය සූදානම් බවද යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා මහතා සඳහන් කළේය. ඉදිරිකාලය තුළ එම සංගමය ලබා දෙන සහන දෙගුණ කිරීමට තීරණය කර තිබෙන බවත්,රට තුළ ක්‍රියාත්මක යහපාලනය සහ ප්රතිසංධාන වැඩපිළිවෙළ පිළිබඳ සතුටට පත් වන බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.