බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර යුරෝපා සංගම් මූලස්ථානය ආසන්නයේ මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් තුළත්, බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන්තොටු පොළ පර්යන්තයක් තුළත් සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරය හමුවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට යුරෝපා රාජ්‍යයන් සපථ කර තිබේ.
සමස්ත යුරෝපයම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙලා යැයි පවසමින් ප්රංශුවා හොලන්දේ සියලු යුරෝපා රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ මේ අවදානමේ බරපතල තත්ත්වය තේරුම් ගෙන ඒ සඳහා සැලකිය යුතු ප්‍රතිචාරයක් දැකිවිය යුතු බවයි.
මෙම ප්‍රහාරයෙන් මේ වනවිට පුද්ගලයන් 34 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙල්ජියම් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, ප්‍රංශ පුවත් සේවය හා සී.එන්.එන්. පුවත් සේවයට අනුව මියගිය පිරිස 26ක් වන අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මෙය අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක් බව මේ වනවිට තහවුරු වෙමින් පවතී.