මෙරට පාසල් පද්ධතියේ දියුණුව සඳහා යුනෙස්කෝ සංවිධානය ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 61,945ක මුදලින් 87.45%ක් නැවත යුනෙස්කෝ ආයතනයට යවා ඇතැයි බව ලංකා ගුරු සංගමය සඳහන්කරයි.
2015 වසරේ ජූලි 20 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශයට මෙම මුදල් ලබාදී තිබෙන බවත්, 2016 වසරේ දෙසැම්බර් 20 වැනිදා ලබාදුන් මුදලින් 87.45%ක් නැවත යවා තිබෙන බවට විගණන විමසුමක් මගින් හෙළි කර තිබෙන බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
අදාළ මුදල්වලින් රුපියල් ලක්ෂ 12ක මුදලක් පරිසරයට කාබන් මුදාහැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා වියදම්කර ඇතැයි තහවුරු වී තිබෙන බවත්, එහෙත් එම ව්‍යාපෘතිය හෝ ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට එරෙහිවනීත්යනුකූල පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පාසල් තුළ සිදුකරණ බොහෝ ව්‍යාපෘති දෙමාපියන්ගේ මුදල් අධාර මත සිදුකරමින් තිබෙන බවත්, එසේ තිබියදී ව්යාපෘතික්රියාවට නැංවීම සඳහා ආධාර වශයෙන් ලැබෙන මුදල් නැවත හරවා යැවීම ජාතික අපරාධයක් බවත් කී ස්ටාලින් මහතා, මීට අමතරව ආධාර මුදල් හරවා යැවීම මත නැවත ලැබෙන ආධාර මුදල්සීමාවන බවද සඳහන් කළේය.