යුද්ධයෙන් පසුව ගත වූ වසර අට තුළදීඋතුරු දුම්රිය මාර්ගයේ මගීන් කෝටි 2.9ක්(29,257,145) ගමන් කර තිබේ.
එම කාලය තුළදී අදාළ දුම්රිය මාර්ගයෙන් රුපියල් කෝටි 369 ක (3,696,263,625) මගී ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව ලබා තිබේ.
2009 වසරේදී උතුරු දුම්රිය මාර්ගයේ මගීන් 2,587,500 දෙනෙකු ගමන් කර තිබෙන අතර, එම වසරේදී රුපියල් 261,301,720.24ක ආදායමක් ලබා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2010 වසරේදී උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කළ මගීන් 2,737,800 දෙනෙකුගෙන් රුපියල් 311,267,564.90 ක ආදායමක්ද, 2011වසරේදී උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කළ මගීන්2,807,199 දෙනෙකුගෙන් රුපියල් 317,385,990ක ආදායමක්ද ලබා තිබේ.
2012 වසරේදී එම දුම්රිය මාර්ගයේ මගීන් 3,792,327 දෙනෙකු ගමන් කර තිබෙන බවත්, එම වසරේදී රුපියල් 341,883,540ක ආදායමක් ලබා තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2013දී වසරේදී උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කළ මගීන් 3,833,215 දෙනෙකුගෙන් රුපියල් 426,680,705ක ආදායමක්ද, 2014 වසරේදී ගමන් කළ මගීන් 4,049,194 දෙනෙකුගෙන් රුපියල් 522,545,337ක ආදායමක්ද,2015 වසරේදී ගමන් කළ මගීන් 4,336,797දෙනෙකුගෙන් රුපියල් 682,728,628 ක ආදායමක්ද දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
මීට අමතරව 2016 වසරේදී මගීන් 4,421,985 දෙනෙකු ගමන් කොට රුපියල් 718,884,158ක ආදායමක්ද,2017 වසරේ ජනවාරි හා පෙබරවාරි මාසවලදී ගමන් කළ මගීන් 691,128කගෙන් රුපියල් 113,585,983ක ආදායමක්ද ලබා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.