එල්.ටී.ටී.ඊ ත්රස්තවාදය රටින් තුරන් කළ බැවින් අදටත් එහි අංක එකේ ඉලක්කය බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එවැන්නකුට පවත්නා තර්ජනය සැලකිල්ලට ගෙන ඔහුට තවදුරටත් හමුදා ආරක්ෂාව ලබාදීම සිදුකළ යුතුව තිබුණු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
යුද්ධයක් නැති වුවද එයින් තර්ජන නැති බවක් නොහැඟවෙන බවත්,තර්ජන තවමත් පවතින බවත්,එය පුද්ගල ආරක්ෂාවට මෙන්ම රටේ ආරක්ෂාවටද එකසේ අදාළ බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ අද(09)
ප්රකාශයක් ලබාදීම සඳහා බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණී අවස්ථාවේදීය.
සරත් ෆොන්සේකා වැන්නන් හමුදාපති ධූරයට පත් කිරීම වෙනුවෙන් තමන් වැන්නන්ට බූවල්ගෙන් තැලිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.