ජනාධිපතිවරයා විසින් පවසන හොරකම්, වංචා දූෂණ සිදු කළ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ සඳහා විධායක බලය භාවිත කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
කොලොන්නාව එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී .
එහිදී දින 100 වැඩපිළිවෙළ කවුරුන් කෙසේ හැදුවාද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් දින 100 වැඩපිළිවෙළ ගමට රැගෙන ගියේ යූඑන්පී පාක්ෂිකයන් බවත් ජනාධිපතිතුමා පවසන අයුරින් දින 100 වැඩපිළිවෙළ කරන්නේ නැතිව ජනවාරි මස 08 වෙනිදා ජයගෙන 09 වෙනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් එක්සත් ජාතික පක්ෂය එහිදී පාර්ලිමේන්තු ආසන 135කට වැඩි ප්‍රමාණයක් ගන්නා අතර තනි යූඑන්පී ආණ්ඩුවක් හැදෙන බවත් ඔහු පවසයි.
එසේ සිදුවූයේ නම් ජනාධිපතිවරයාට ශ්‍රීලනිපයේ සභාපතිකම නොලැබෙන බවත් තනි ආණ්ඩුවක් හැදුවා නම් තොරතුරු දැනගැනීමේ පනත, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනාදිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව ගෙන ඒමට හැකියාව තිබූ අතර ප්‍රාදේශීය සභා මැතිවරණය කල් නොදමා පවත්වා පළාත් පාලන ආයතන 95%ක බලය එජාපයට ගත හැකිව තිබූ බවත් ජනවාරි 09 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වූයේ නම් මහ බැංකු මංකොල්ලය සිදු නොවන අතර විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන් නොදන්නවා යැයි ප්‍රකාශ කරන්නේ නැතිව විධායක බලය පාවිච්චී කර නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි මනත්රීවරයා යුද්ධයට නැති කඩුව කොස් කොටන්නදැයි එහිදී ප්‍රශ්න කර සිටියේය.