යුද හමුදා ද්‍රවිඩ කාන්තාවන් ලිංගිකව අපයෝජනය කරන බවට ජාතික සංහිදියා ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු උපුටා දක්වමින් පළකර ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මාධ්‍ය ඒකකය කියයි.
එසේම 2010 වසරේදී උතුරේ සිවිල් පාලනය ස්ථාපිත වූවාට පසුව යුද හමුදාව සිවිල් පාලන කටයුතු වලින් ඉවත්වූ බවත් සංහිදියා ලේකම් කාර්යාලයේ නිලධාරියා කළ ප්‍රකාශය පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බවද එම නිවේදනයේ දැක්වෙයි.
යුද හමුදා සාමාජිකයින් ලිංගික අපචාරයන්ට වැරදිකරුවන් වී ඇත්නම් ඒ සඳහා උපරිම දඬුවම් ලබාදිය ඇති බවත් ප්‍රේමවතී මනම්පේරි ඝාතනය, ක්‍රිෂාන්ති කුමාරස්වාමි, රාජිනී වේලායුදම්පිල්ලේ ඝාතනයන් ඒ සඳහා උදාහරණ බවත් එහම නිවේදනයේ දැක්වෙයි.
ලිංගික අපයෝජනා සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්වන යුද හමුදා සාමාජිකයන් යුද හමුදාවෙන් පහකරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.