යුද හමුදාධිපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි. අගෝස්තු 22වැනිදා සිට බලපාන අයුරින් යුද හමුදාධිපතිවරයාගේ කාලය දිගු කර තිබේ.
ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා යුද හමුදාවේ 21 වැනි හමුදාධිපති ලෙස පසුගිය වසරේ පෙබරවාරි 22දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.
1981 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බළකායේ දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස සේවය ආරම්භ කළ ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට වසර 36කට අධික කාලයක් හමුදා ක්ෂේත්රයේ අත්දැකීම් තිබේ.
ඇමෙරිකාව, පාකිස්තානය, ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල් ගණනාවක ආරක්ෂාව පිළිබඳව හදාරා ඇති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක අධ්‍යාපනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක්ද හිමිකරගෙන තිබේ.
එසේම ඔහු රණ වික්‍රම පදක්කම (RWP), උත්තම සේවා පදක්කම (USP) හා විශේෂ සේවා පදක්කම (VSV) යන හමුදා ක්ෂේත්රයේ ඉහළම පදක්කම් ලබාගෙන ඇති හමුදා නිලධාරියෙකි.