පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ පසුගිය දා (21දා) දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් සිදු වූ රිය අනතුරට සම්බන්ධ යුද හමුදා සාමාජිකයන් පස් දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්රිෂාන්තද සිල්වා මහතා කටයුතු කොට තිබේ.
යුද හමුදා ට්‍රක් රථයක් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අනුව යුද හමුදා ට්‍රක් රථයේ රියදුරු ඇතුළු හතර දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ විනයාරක්ෂාධිපති බ්‍රිගේඩියර් ගාමිණී සිරිසේන හා නීති සේවා අධ්යක්ෂ කර්නල් එඩ්වඩ් ජයසිංහ යන නිලධාරින් මේ පිළිබඳව කරන පරීක්ෂණ අවසන් වූ පසු සෙබලුන් සිවු දෙනා යුද්ධාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.