යුද සමයේ රට අතහැර ඉන්දියාවට පළාගිය ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු ලබන 13 වැනිදා ශ්‍රී ලංකාවට යළි ගෙනඑන බව නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මොවුන් යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, මන්නාරම, මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ. මින් බොහෝ පිරිස් යුද ගැටුම්වලට මැදිව බෝට්ටු මගින් ඉන්දියාවට පළාගොස් දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත්වූවෝ වෙති.
ඉන්දියාවේ ට්‍රිචී නුවර සිට ශ්‍රී ලාංකික සරණගතයන් 41 දෙනෙකු සහ චෙන්නායි නුවර සිට 24 දෙනෙක් ලබන 13 වැනිදා උදෑසන මෙරටට පැමිණෙති.
නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී මෙම පිරිස පිළිගැනීමට නියමිතය.