(UPDATE) අද (12 දා) දකුණු කොරියානු රජය වෙත ලබාදීමට නියමිතව තිබූ 'දිනූදා' නැමැති අලි පැටවා දකුණු කොරියාව වෙත යැවීම නතර කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතුකර තිබේ.
......................................................................................................
යුද ජයග්‍රහණය සිහිකිරීම වෙනුවෙන් එම කාලයේදී පින්නවලදී උපත ලැබූ 'දිනුදා' අලි පැටවා සහ තවත් අලි පැටවෙකු දකුණු කොරියානු රජය වෙත ලබාදීමට රජය කටයුතු කර තිබේ.
'දිනුදා' සහ 'උදාර' නමැති මෙම අලි පැටවුන් දෙදෙනාගේ වයස අවුරුදු 5 ක් පමණ වන අතර, එම පැටවුන් දෙදෙනා හෙට (12දා) දකුණු කොරියාව බලා යැවීමට නියමිතය.
2009 වසරේදී තිස් අවුරුදු යුද ජයග්‍රහණය සංකේතවත් කරමින් %දිනුදා^ ලෙස නම් තැබූ අලි පැටවා මෙසේ රටින් පිට කිරීම පිළිබඳව පරිසරවේදීන් මෙන්ම පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ සේවකයෝද විමතිය පළ කරති.