යුද සමයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්, යුද අපරාධ සිදු වූ බවට සාක්කි ඇති හෙයින් උතුරු පළාත් සභාව මගින්ද යෝජනාවක් සම්මතකොට ජිනීවා මානව හිමිකම් කමිටුව වෙතට යැවිය යුතුයැයිද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් පළාත් සභාවට ඊයේ (10දා) ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවුණු යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවටත්, එය අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයකින් පමණක් සෑහෙන බවට වත්මන් නව රජය විසින් කරන ලද ප්‍රකාශයට තමන් විරුද්ධ බවද අභ්‍යන්තර පරීක්ෂණයකින් ලැබෙන ප්‍රතිඵලය රටේ බහුතරය මෙන්ම දෙමළ ජනතාවද පිළිනොගන්නා අතර, ඉන් ඇතිවන්නේ රටේ ජනතාව තුළ විශාල සැකයක් පමණක් බවත් ඔහු පැවසීය.