යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බවත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (29දා) යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"අපි මේ ගැන මේ රටේ ඉන්න සියලුම දෙමළ ජනතාවටත් කියනවා සෑම රටකම ඉන්න දෙමළ ජනතාවටමත් කියනවා මේ දේශීය පරීක්ෂණ ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒ වගේම ඒවා අපිට පිළිගන්නත් බැහැ.
ඒක මුළු ලෝකෙම ඉන්න දෙමළ ජනතාව දන්නවා. අපි ඉල්ලා සිටින්නෙ යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යමයි කියලා. එහෙම නොවෙන්න යුද්ධෙන් පීඩා විඳි ජනතාවට සාධාරණයක් වෙන්නෑ"යැයි පවසා සිටියේය.