(UPDATE) යුක්රේනයේ ගුවන් කලාපය තුළ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි යුක්රේන ගුවන් හමුදාවට අයත් ජෙට් යානයක් රුසියාව විසින් වෙඩි තබා බිම හෙළා ඇති බවට යුක්රේන ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශකවරයා රුසියාවට චෝදනා නඟයි.
Su-25 නමැති මෙම ප්‍රහාරක යානය යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් කලාපය වෙත කඩා වැටී තිබේ.
මීට පෙර යුක්රේනයට අයත් මගී ප්‍රවාහන යානයක්ද වෙඩි තබා බිම හෙළීම සම්බන්ධයෙන්ද රුසියාව වෙත චෝදනා එල්ල වී තිබුණි.
මෙම යානය කඩා වැටී දුම් වළාවන් නැගෙන දර්ශන රැගත් ආධුනික වීඩියෝවක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් පසුව මෙම පුවත විදෙස් පුවත් සේවා විසින් ඉන්ට්ෆැක්ස් පුවත් ඒජන්සිය උපුටා දක්වමින් වෙනතකට යොමුකර තිබුණු අතර, කඩා වැටී ඇති යානය යුක්රේන යානාවක් නොවන බවත්, එය MH17 නමැති මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 වර්ගයේ යානයක් බවත් රාත්‍රිය වනවිට තහවුරු කරගෙන තිබුණි.