අද (02දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දිවයිනෙ උපරිම වර්ෂාපතය යාල ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එම ප්‍රදේශයෙන් මිලි මීටර් 85.5ක වර්ෂාපතනයක් වාරතා වූ බවද දෙපාර්තමේන්තුව කියයි. එසේම උතුරු, නැගෙනහිර හා ඌව පළාත්වලද තද හා ගිගිරුම් සහිත වැසි වාර්තා වූ බවද එම නිවේදනයේ දැක්වෙයි.