මෙතෙක් වසා තැබුනු යාල ජාතික වනෝද්‍යානය හෙට සිට යලි විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට සිට දිනපතා උදෑසන 6 සිට පැය 4ක කාලයක් වනෝද්‍යානය සංචාරකයින් සදහා විවෘතව තබන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද ට පැවසීය. වර්ෂාපතනය නොමැතිවීම හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානය අද දිනය දක්වා තාවකාලිකව වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළ අතර හෙට සිට උද්‍යානයට ඇතුලූවන සංචාරකයින් දහවල් 12 ට පෙර වනෝද්‍යානයෙන් පිටතට පැමිණිය යුතු බව දෙපාර්තමේන්තුව දන්වයි.