යාල ජාතික වනෝද්‍යානය හෙට ( 07දා) සිට ඔක්තෝම්බර් 07 වැනිදා දක්වා මාසයක කාලයක් සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රුහුණු (යාල) ජාතික උද්‍යානයට දැනට පවතින නියං සමය හේතුවෙන්, එහි වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබෙනු ඇත.
සෑම වසරකම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.