යාල ජාතික වනෝද්‍යානයේදී වනජීවී නිලධාරීන් හා දඩයක්කරුවන් තිදෙනෙකු සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී දඩයක්කරුවෙකු වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩිතැබූ වනජීවී නිලධාරියා තිස්සමහාරාම පොලීසිය විසින් අද (04දා) අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 06දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.