යාල ජාතික වනෝද්‍යානය හෙට (02දා ) සිට ලබන 30දා දක්වා නරඹන්නන් සඳහා තාවකාලිකව වසා තබන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැඩි නියං තත්ත්වය හේතුවෙන් අතීතයේ සිට සෑම වසරකම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරෙන අතර, මේ වනවිට පවතින නියං තත්ත්වය හේතුවෙන් වනෝද්‍යානය මෙසේ වසා දැමීමට තිරණය කර තිබේ.
ඒ අනුව, යාල වනජීවි බංගලා හා අභ්‍යන්තර මාර්ග පද්ධතීන් ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතුද මෙම වකවානුව තුළ සිදු කෙරෙන බව පැවසෙයි.
මෙවරද වනෝද්‍යානයේ පවතින විශාල වැව්වලට අමතරව යාල කලාප අංක පහකට අයත් වපසරියේ කෘතිම පොකුණු සාදා ඒවාට බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කෙරෙන බවත්, මෙම කාලයේදී සතුන් වනෝද්‍යානයෙන් පිටත ප්‍රදේශවලට යෑම වැළැක්වීම සඳහා විදුලි වැටවල්ද ක්‍රියාත්මක කෙරෙන බවද පෙන්වා දෙයි.
ඔක්තෝබර් 01වැනි දින වනෝද්‍යානය යළි විවෘත කිරීමට නියමිතව තිබුණ ද නියං තත්ත්වය දිගටම පැවතිය හොත් තවදුරටත් වනෝද්‍යානය වසා තැබීමට පියවර ගැනෙනු ඇති බවද වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.