රුහුණු යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් මස හය වැනිදා සිට මාසයක කාල සීමාවක් වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම ප්‍රදේශයට දැනට බලපා ඇති දැඩි නියං සහිත දේශගුණික තත්ත්වය නිසා යාල වනෝද්‍යානයේ ඇති වැව් සහ ජල මූලාශ්‍ර සිඳී යමින් පවතින බැවින්, සතුනට අවශ්‍ය ජලය සැපයීමත්, වනෝද්‍යානය පිළිසකර කරලීමත් මෙම කාලය තුළ සිදුකිරීමට නියමිත බව වනජීවිය පවසයි.
වසා දමා ඇති කාලය තුළ කිසිදු දෙස් විදෙස් සංචාරකයෙකුට යාලට ඇතුළුවීමට අවසර නොලැබේ.
තිස්සමහාරාම රුක්මන් රත්නායක