කොළඹ සිට යාපනය හා කන්කසන්තුරෙයි දක්වා ගමන් කළ උදෑසන තැපැල් දුම්රියට කෝපායි කොණ්ඩාවලෙයි ප්රදේශයේදී ඊයේ (07 දා) තරුණයින් දෙදෙනෙකු ගැටීමෙන් මියගොස් ඇති බව කෝපායි පොලීසිය පැවැසීය.
තරුණයන් දෙදෙනා කෝපායිහි පාන් බේකරියක සේවය කොට ඇති අතර උදෑසන 4.30ට පමණ දුම්රිය පැමිණෙන අවස්ථාවේදී තරුණයින් දුම්රිය මාර්ගයේ නිදාගෙන ඇති හෙයින් මෙම අනතුර සිදුව ඇති බව ප්රදේශවාසීහු පවසති.
අනතුර හේතුවෙන් මිය ගොස් ඇත්තේ යාපනය ඉරුපලෙයි ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි මෝහනරාසා නිශාන්තන් හා 18 හැවිරිදි පරමනාදන් ජෙයරාම් යන තරුණයින්ය.
තරුණයින් දෙදෙනා හිතා මතා සිය දිවි හානි කරගත්තේද දුම්රිය එන බව නොදැන නින්දයාමෙන් දුම්රියේ ගැටී ඇත්ද යන්න පිළබඳව කෝපායි පොලීසිය වැඩිදුරටත් පරික්ෂණ පරීක්ෂණ පවත්වයි.