යාපනය පුන්කුඩතිව් පාසලේ ශිෂ්‍යවක් දූෂනය කොට ඝාතනය කර දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 9 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. වරදකරුවන්ට උපරිම ඳඬුවම් දෙන්නැයි කියමින් අද (19දා) යාපනයේ වෙළඳසැල් වසමින් හර්තාලයක් හා පාසල් කිහිපයකම උද්ඝෝෂණයන් සංවිධානය කර තිබුණි.
18 හැවිරිදි ශිවයෝගානන්දන් විද්‍යා නැමති සිසුවිය පසුගිය 14 වනදා පුන්කුඩතිවූ පාසල ආසන්නයේදී ඝාතනය කොට තිබුණි.
සැකකරුවන් පිරිස යාපනය පොලීසිය වෙතට ප්‍රශ්න කිරීමට රැගෙන ඒමේදී ප්‍රදේශවාසීන් ඔවුන්ට පහර දී ඇති අතර එයින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තුවාල සිදු ව තිබේ. අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ නිවාස 3 කට ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇත.