උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතාට එරෙහිව බාරදුන් විශ්වාසභංගයට විරෝධය පළකිරීමක් වශයෙන් අද (16දා) යාපනය දිස්ත්‍රික්කයේ පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන අතර, උතුරේ සෙසු දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ අයුරු දැකගත හැකි විය.
යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම වෙළෙඳසැල් වසා දමා තිබූ අතර, ඊට අමතරව පාසල්ද වසා තිබිණි. යාපනය සරසවියේද සියලුම පීඨයන්හි දෛනික අධ්‍යාපනික කටයුතු සිදුනොවුණු අතර, යාපනය විශ්වවිද්‍යාලයීය සේවක සංගමයද හර්තාලයට සහාය දක්වා තිබුණි. ඊට අමතරව යාපනයේ කිසිදු බස්රථ ධාවනයක් සිදුනොකරමින් බස් රථ සංගම් මගින්ද හර්තාලයට සහාය දක්වා තිබිණි.
යාපනය දිස්ත්‍රික්කයට අමතරව උතුරේ සෙසු දිස්ත්‍රික්කයන් වන මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම හා වවුනියාව යන දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ අතර, වවුනියාවේ ස්ථාන කිහිපයක වවුනියාවේ ජනතාව නමින් උතුරු මහඇමති වරයාට විරුද්දව ඉල්ංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංගයට විරෝධය පළකර සිටින බවට දැන්වීම් පුවරු කිහිපයක්ද අලවා තිබිණි.