යාපනය චුන්නාකම් උඩුවිල් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසකට ඊයේ (19දා) රාත්‍රියේ යතුරු පැදිවලින් පැමිණි කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි චුන්නාකම් පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරයෙන් වෛද්‍යවරයාගේ පියා තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, සිදුවීම වන අවස්ථාවේ අදාළ වෛද්‍යවරයා නිවසේ සිට නොමැති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.