ආයුධ සන්නද්ධ කල්ලි නිසා තම ආරක්ෂාවට ගැටලුවක් ඇතිවී ඇති නිසා ඒ පිළිබඳව රජයෙන් සහතිකයක් ලැබිය යුතු බව පවසමින් යාපනයේ රජයේ සේවකයෝ පිරිසක් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
අනතුරුව උද්ඝෝෂකයන් විසින් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාට බාරදෙන ලදී. එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හා පොලීසිය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.