යාපනය ප්රදේශයේ බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුත්තේ නියැළී සිටි ‘හෙලෝ ට්රස්ට්’ නැමැති බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක සාමාජිකයෙකු බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කළ බව යාපනය පේදුරුතුඩුව පොලීසිය පැවසීය.
යාපනය පේදුරුතුඩුව නාගර්කෝවිල් ප්රදේශයේදී ඊයේ (30දා) බිම්බෝම්බ ඉවත් කරමින් සිටින අතරතුරදී මෙසේ බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ 22 හැවිරිදි ජේ. සයන්තන් නැමැත්තායි. ඔහුගේ අත්වලට බරපතළ තුවාල සිදු වී ඇති බවත්, තුවාලකරු වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කොට ඇති බවත් පේදුරුතුඩුව පොලීසිය පවසයි.
වව්නියාව මධූශංඛ අමරසිංහ