යාපනය කෝපායි කොකුවිල් ප්රදේශයේදී ඊයේ (17) රාත්රියේ තියුණු ආයුධ ගත් පිරිසකගේ පහරදීමක් හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව කෝපායි පොලීසිය පවසයි.
කොකුවිල් නැගෙනහිර ප්රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති අතර ඊයේ රාත්රියේ ගොවිතැන් කටයුතු නිම කොට කුඹුරේ සිට නිවස කරා පැමිණෙමින් සිටි දෙදෙනෙකු මෙලෙස පහරකෑමට ලක්ව තිබේ.
මෙම පහරදීමෙන් 28 හැවිරිදි ශ්රී රංගනාදන් කේමලන් හා 24 හැවිරිදි ෂන්මුගරාසා සිවදීපන් නැමති අය බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට ඇත.
අදාළ ගොවීන් දෙදෙනා නිවසට පැමිණෙමින් සිටියදී යතුරුපැදිවලින් පැමිණි 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමන්ට පහරදී පලාගිය බවත් පහරදුන් පිරිස් නාඳුනන බවත් තුවාලකරුවන් පොලීසියට පවසා තිබේ.
මෙම පහරදීම ආවා කල්ලියේ ක්රියාවක් බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවත් කෝපාලිය පොලීසිය සඳහන් කරයි.