යාපනය හා කල්පිටිය අර්ධද්වීපයන්ට විදේශ ආධාර ඇතුව මුහුදු ජලය පිරිසිදු කර ලබාදීමට කටයුතු කරමින් සිටින බව නගර සැලසුම් හා ජලාප්‍රවාහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
කල්පිටියේ භූගත ජලය රසායනික ද්‍රව්‍ය මුසු ඇති හෙයින් එය බීමට ගැනීමෙන් ආබාධ ඇති දරුවන් බිහිවන අතරම මෙම ප්‍රදේශයේ පානීය ජලය ලබා ගැනීමට විකල්පත් නොමැති බව අමාත්‍යාංශය පවසයි.
මුහුදු ජලය පිරිසිදු කිරීමට අධික විදුලිබලය අවශ්‍ය හෙයින් සුළං මාර්ගයෙන් විදුලිය උත්පාදනය කර වැඩියෙන් විදුලිබලය නිශ්පාදනය කර මුහුදු ජලය පිරිසිදු කිරීමට ඇති හැකියාව පිළිබ`දව ජර්මන් ආයතනයක් සමග සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරය සඳහන් කරයි.
යාපනය හා කල්පිටිය ප්‍රදේශ ජනතාවට මුහුදු වතුර පිරිසිදුකර පානීය ජල ලබාදීමට අවශ්‍ය මුදල් සූදානම් කර ඇති බවත් කල්පිටිය නාවුක හමුදා ක`දවුර ආශ්‍රිතව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්කර ඇති බවත් ඔහු පැවැසීය.්