යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බැවින් කිසිදු බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස ජනාධිපතිවරයා එම විශ්වවිද්‍යාලයේ උපාධි අපෙක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.
ඊයේ (05දා) යාපනය විශ්වවිද්‍යාල ප්‍රජාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ඇතුළු නියෝජිතයින් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේය.
පසුගියදා විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම සහ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබද ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.