යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් සිවු දෙනෙකු කෝපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට යාපනය මහෙස්ත්රාත් එස්. සදීස්කරන් මහතා ඊයේ (22දා) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසර හෙට්ටිආරච්චිලාගේ ප්රසාද් කුමාර, අසංක සම්පත් කුලරත්න 3 වසර, ගේෂාන් කරුණාතිලක 3 වසර, මාණික්කලාගේ නිමේෂ් මධුෂංඛ දිසානායක නමැත්තන්ය.
යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිවුවැනි වසරේ සහ තුන්වැනි වසරේ සිසුන් පිරිසක් අතර පසුගිය 18 වැනිදා යාපනය පරමේෂ්වරන් මංසන්ධියේදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහරදී ගැනීමක් සිදුව ඇති අතර, අදාළ පහරදී ගැනීම සම්බන්ධයෙන් එම පීඨයේම සිසුන් දෙදෙනෙකු විසින් කෝපායි පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව කෝපායි පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව අදාළ සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.