සිසු ගැටුමක් හේතුවෙන් වසාදැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු, කෘෂි හා වෛද්‍ය පීඨ යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුනියාව හා කිළිනොච්චි මණ්ඩප අද (20දා) සිට අධ්‍යයන කටයුතු වෙනුවෙන් යළි විවෘත කරන බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි වසන්ති අර්සරත්නම් මහත්මිය පැවසුවාය.
යාපනය විශ්වවිද්‍යාලය තුළ සිසුන් දෙපිරිසක් අතර පසුගියදා ඇතිවූ ගැටුමක් හේතුවෙන් ආරක්ෂක පියවරක් වශයෙන් විශ්වවිද්‍යාලයේ මෙම පීඨ වසා දමන ලදී.
අනතුරුව මේ සම්බන්ධයෙන් තමා ඇතුළු අමාත්‍යවරුන් තුන්දෙනෙකු පසුගිය (19දා) විශ්ව විද්‍යාලයට පැමිණ සියලුම පාර්ශ්වයන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව මේ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් උපකුලපතිවරිය කියා සිටියාය.