යාපනයේ ආරක්ෂක භට සංඛ්‍යාව අඩුකරමින්, ප්‍රසිද්ධ ස්ථානවල හමුදා මුරපලවල් සියල්ලම පාහේ ඉවත් කර තිබුණත්, යාපනය රටේ කොටසක් නිසා ජාතික ආරක්ෂාවට අවශ්‍ය පරිදි එහි ආරක්ෂක භට පිරිසක් පවත්වාගෙන යායුතු බව යාපනය ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ නෝර්වීජියානු තානාපතිනී ග්‍රේරි ලොචෙන් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරීහු දෙදෙනෙක් පසුගියදා පලාලිහිදි යාපනය ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා හමුවූ අවස්ථාවේදි හෙතෙම මෙම අදහස් දක්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී, යාපනයේ ආරක්ෂක භට සංඛ්‍යාව අඩුකර ඇති ආකාරය පෙන්වා දුන් ආඥාපතිරයා, ප්‍රසිද්ධ ස්ථානවල හමුදා මුරපලවල් සියල්ලම පාහේ ඉවත් කර ගෙන ඇති බවද පවසා සිටියේය. නමුදු, යාපනය රටේ කොටසක් වන හෙයින් ජාතික ආරක්ෂාවට අවශ්‍ය පරිදි එහි ආරක්ෂක භට පිරිසක් පවත්වාගෙන යායුතු බවද ඔහු පැහැදිලි කළේය.
ඇතැම් අන්තවාදී දේශපාලන කොටස් ව්යාකූලතත්වයක් ඇති කිරිමට දරන උත්සාහයන් ගැනද සැලකිල්ල යොමු කළ යුතුව ඇති බවත්, ප්‍රචණ්ඩකාරී තත්ත්වයක නීතිය සහ සාමය පවත්වා ගෙනයාමට පොලීසිය ඉල්ලා සිටින අවස්ථාවලදී පොලීසියට ආධාර කළ යුතු අතර, රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති බවත් ආඥාපතිවරයා තානාපතිවරියට පෙන්වා දුන්නේය.
ගතවූ දෙවසර තුළ ආහාර සදහා විශාල ඉල්ලුමක් යාපනය ප්‍රදේශයේ පවතින බව පැවසූ ආඥාපතිවරයා, යළි පදිංචි කරන ලද ජනතාව තම ජීවනෝපායන් සලසා ගන්නා තුරු ඔවුනට ආහාර සැපයීමට හමුදාවටද සිදුවූ බව පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවේදී සුබසාධන ක්‍රියාමාර්ගයක් ලෙස එළවලු වගා කළ හමුදාව අඩු මිලට ඒවා මිලදී ගැනීමට සිවිල් ජනතාවට පහසුකම් සැලසූ බවද පැවසීය.
එහෙත් එම පළාතේ කෘෂිකර්මය දියුණු වී ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වනවිට හමුදාව එම ව්‍යාපෘතිය නතර කළ අතර, දැන් පෞද්ගලික ගොවීන්ට එම ද්‍රව්‍ය නිෂ්පාදනය කොට අලෙවි කර ගැනීමට ඉඩ සැලසී ඇති බව යාපනය ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ නෝරවීජියානු තානාපතිනියට පැහැදිලි කළේය.