යාපනය මහනගරාධිපති වශයෙන් එමානුවේල් අනොල්ඩ් දිවුරුම් දෙයි
යාපනය මහ නගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්රී එමානුවේල් අනොල්ඩ් මහතා අද (26දා) දිවුරුම් දුන්නේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී යාපනය මහ නගර සභාව වෙනුවෙන් වෙනුවෙන් ඡන්ද 14,924ක් ලබාගෙන තිබූ අතර ඒ වෙනුවෙන් මන්ත්රී ආසන 18ක් හිමිව තිබුණි.
අනතුරුව අද (26දා) දිනයේදී දෙමළ ජනතා මහජන කොංග්රසයේ මන්ත්රීවරු 13ක් හා ඊ.පී.ඩී.පී. පක්ෂයේ මන්ත්රීවරු 13දෙනෙකු දෙමළ ජාතික සන්ධානයට සහාය පළ කිරීමත් සමග දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය මහ නගර සභාපතිවරයා වශයෙන් යෝජනා කොට තිබූ එමානුවේල් ආනෝල්ඩ් මහතා නිතරගයෙන් එම තනතුරට තේරී පත් විය.
ආනෝල්ඩ් මහතා මීට පෙර දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්රීවරයෙකු වශයෙන් තෙරී පත් වුවද පසුව එම තනතුරින් ඉල්ලා අස්වී පසුගිය පළාත් පාලන මැතිවරණයේදී යාපනය මහ නගර සභාවට තරග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


