යාපනය විශ්ව විද්‍යාලයේ කලා පිඨයේ පළමු හා දෙවන වසර සිසුන් විසින් දින නියමයක් නොමැතිව ඊයේ (16දා) සිට දියත් කළ පන්ති වර්ජනය අද (17දා) සිට අතහැර නැවතත් දේශණ වලට සහභාගී විමට තීරණය කර ඇත.
විශ්ව විද්‍යාල පාලන අධීකාරිය විසින් පන්ති තහනම ඉවත් කර ඇති සියළුම සිසුන්ගේ පනිති තහනම ඉවත් කිරීමට ගන්නා ලද තීරණයකට අනුව ඔවුන් පන්ති වර්ජනයෙන් ඉවත්ව ඇත.
පාලන අධීකාරිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පන්ති තහනම් කර ඇති කලා පීඨයේ තුන් වන හා හතර වන වසර වල සියළුම සිසුන් 18දා සිට නියමිත පරිදී දේශණ වලට සහභාගී වන ලෙසයි.
ප්‍රසන්න ප්‍රදීප්