යළිත් ඩෙංගු මර්දන සතියක්
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම්දී තිබේ.
ඒ අනුව මාර්තු මස 29 වැනිදා සිට අප්‍රේල් මස 04 දින දක්වා ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
2017 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 16,479ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මසයේදී රෝගීන්ගේ වැඩිවීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මදුරු මර්දන ක්ෂේත්‍ර සහායකයන් 500ක් බස්නාහිර පළාත කේන්ද්‍රගතව බඳවා ගැනීමටද නියමිතය. එම සහායකයන් වෙත පත්වීම් ලිපි ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (01දා) පස්වරුවේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

