ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ ප්‍රධානි විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ විසින් රෝගින්ගේ බලවත් ඉල්ලිම මත යලි හෘද සැත්කම් ආරම්භ කොට ඇති අතර වෛද්‍යවරයා විසින් ලබන සදුදා නැවත වතාවක් මෙම ශල්‍යාගාර පරික්ෂා කිරිමට නියමිතව ඇති බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඒම ඒකකයේ ඇති ශල්‍යාගාරවල වෙනත් සැත්කම් කිරිම නිසා විෂබිජ පැතිර යන බැවින් විද්‍යානුකුලව හෘද සැත්කම් කිරිමට නොහැකි බව පවසමින් නාමල් ගමගේ විසින් හෘද සැත්කම් කිරිමෙන් ඉවත්විය.
සැත්කමට භාජනය කරණ හෘද රෝගින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර දෙන ලෙස රෝහල් අධ්‍යෂකවරයා වෙත නාමල් ගමගේ විසින් ලිඛිතව දන්වා ඇතත් මේ වන තෙක් ඒ සදහා විසදුමක් ලබා දි නැතිබවද වාර්තාවේ. එහෙත් රෝගින්ගේ ඉල්ලිම සැලකිල්ලට ගෙන අවදානමට මුහුණ දිය හැකි රෝගින් හදුනාගෙන එවැනි රෝගින්ගෙන් අත්සන් ලබා ගෙන සැත්කම් කිරිම නාමල් ගමගේ විසින් තිරණය කොටකොට ඇත. නාමල් ගමගේ විසින් දිනකට සැත්කම් පහක් පමණ සිදු කරණ අතර දැන් සතියකට සිදු කරණු ලබන්නේ සැත්කම් දෙකක් පමණක් බවද එම ඒකකයේ ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වනවිට සැත්කම් වලට භාජනය කළ යුතු හෘද රෝගින් 2000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි සිටින බවද එම ඒකකයට සම්බන්ද ආරංචි මාර්ග සදහන් කරයි. හෘද සැත්කම් ඒකකයේ ශල්‍යාගාරවල විෂ බිජ පැතිර ගොස් ඇත් ද පිළිබද පරික්ෂා කිරිම සදහා ශුද්රජිව විද්‍යාඥයකු පැමිණ පරික්ෂා කොට ඇතත් ඒ පිළිබද නිල වශයෙන් වාර්තාවක් ලබා දි නැති බවද දැනගැනීමට ලැබේ.