යහපාලන රටක් උදාවී ජනවාරි 08 වැනි දිනට වසරක් ගතවන නිසා එය සැමරීම වස් ජනවාරි 01 වැනි දින සිට සතියක් සෑම ගෙදරකම ජාතික කොඩිය ඔසවා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව මෙම සතිය තුළදී අමාත්යාංශවලද ජාතික කොඩිය ඔසවා තබන බවත්, ඊට සමගාමීව රටේ සංවර්ධනයට අදාළ කටයුතු රාශියකුත් සිදුකිරීමට කටයුතු කරන බවද පවසා සිටියේය.