අසීමිතව තිබු විධායක ජනාධිපතිධුරයේ බලතල හැකි උපරිම ලෙස අවම කිරීමට තමන් කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. විධායකය, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට බලපෑම් කළ යුගය තමා අවසන් කළ බවත් නව රජය බලයට පත් වී ගෙවීගිය මාස 11 ක කාලය තුළ යහපාලනය සැබෑලෙසම අර්ථවත් කරමින් තීන්දු තීරණ රැසක් ගත් බවත් ජනාධිපතිවරයා පෙන්වාදෙයි. අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(18) මේ බව පැවසීය.