අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරමින් මහින්ද රාජපක්ෂ මහතාද සිය නිල රථ භාවිත කිරීම වෙනුවෙන් මුදල් ගෙවීම තුළම අද රට තුළ යහපාලනය ස්ථාපිත වී ඇතැයි තහවුරු කෙරෙන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී මෙන් මෙවර මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට දන්සැල් නොපවත්වන්නේ මන්දැයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින්වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියි.