තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමට ඒකාබද්ධ විපක්ෂය යන නම ඉවත් කරන්නැයි ආණ්ඩුව පවසනවානම් යහපාලනය යන නම ඉවත්කිරීමටද ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය යන නමට විරෝධයක් ඇත්නම් අධිකරණය මගින් කටයුතු කළ යුතු බවත්,එතෙක් සෑම අවස්ථාවකදීම ඒකාබද්ධ විපක්ෂය යන නම භාවිත කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙම අදහස් දැක්වීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිකුත් කළ නිවේදනය - http://goo.gl/WYmq80