යහපාලනය ගැන කියා පැමිණි පිරිස මේ වන විට වැඩකරන්නේ හිට්ලර්ටත් වඩා අන්ත විදියට බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ඉහළ දේශපාලඥයින් වෙනුවට අවුරුදු 25ක පුතෙකුගෙන් පළිගැනීම වැරදි බව ඔහු කීවේය.
යෝෂිතට හමුදාවට බැදීමට ඉල්ලීම කළෙත් තමා බව ගෝඨාභය රාජපක්ෂ මහතා කිවේය.
රටේ නීතියක් නැති බවත්, විනයක් නැති බවත් ඔහු සඳහන් කළේය.