ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි වී තවදුරටත් සම්මුතිවාදී රජය පෙවත්වාගෙන නොගියහොත් ලබන මාර්තුවේදී ජිනීවාවලදී ඇරැඹෙන ජගත් මානව හිමකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රතිවිපාක විඳින්නට සිදුවනු ඇතැයි ඇමෙරිකානු තානාපතිවරයා ප්රමුඛ නායකයන් ගණනාවක් රජයට දන්වා ඇතැයි වාර්තා වෙයි.
සම්මුතිවාදී රජය මානව කිහිකම් විෂයෙහි කළ යුතු ප්රතිසංවිධාන හා ක්‍රියාමාර්ග සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මෙතෙක් කල් ලබාදී ඇත. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව රැක නොගතහොත් තත්ත්වය බරපතළ විය හැකි බව මෙම තානාපතිවරු ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත.
ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප්, ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිං සින්දු හා යුරෝපා ප්‍රජාවේ තානාපතිවරු ගනණාවක් පසුගියදා රජයේ නායකයන් අමතා මෙම අවවාදය කර තිබේ.
ඉරිදා දේශය ඇසුරෙනි